අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ තිබූ මැණික් පතලක් තුළ සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ එම සිද්ධිය වාර්තා වී ඇති බවයි.
ඊයේ පැවැති අධික වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇති අතර ඒ මෙහොතේ පතල තුළට සිටි දෙදෙනෙකු මෙසේ අනතුරට ලක්ව තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 හා 45 වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු වන අතර පුද්ගලයින් දෙදෙනාගේ මියයෑම සිදුවූ ආකාරය සොයා පරීක්ෂණ සිදු කිරීමට නියමිත
අතර, අදාළ පතල සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.