පකිස්තාන අගමැති හෙට මෙරටට පැමිණේ

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හෙට (22) පස්වරු 4.30 ට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඒ මහතා පිළිගැනීමට නියමිත අතර, එදිනම සවස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවකටද සහභාගි වේ.

පකිස්තාන අගමැතිවරයා සිය දෙදින රාජ්‍ය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග ද සාකච්ඡා පවත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *