නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කිරීමට පත් කළ කමිටුවෙන් අරුගම්බේ අනවසර ඉදිකිරීම් ගැන වාර්තාවක්

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කිරීම සඳහා පත් කළ කමිටුවේ දෙවැනි රැස්වීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන්   ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කර ගැනීම් වැළැක්වීම, වෙරළ තීර ආරක්ෂා කිරීම සහ ඉඩම් සම්බන්ධ ගැටලු කඩිනමින් විසඳීම සඳහා රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම් වේ.

මෙතෙක් සිදුකර ඇති ක්ෂේත්‍ර පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සමාලෝචනයක් සිදුකර ඇති අතර, නැගෙනහිර පළාතේ වත්මන් ඉඩම් තත්ත්වය පිළිබඳවද පුළුල් ලෙස කරුණු සලකා බැලීය.

පළාතේ වෙරළ තීරයන් ආශ්‍රිතව සිදුකර ඇති අනවසර ඉදිකිරීම්, රජයට අයත් ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් මෙහිදී තොරතුරු ඉදිරිපත් කර තිබේ.

මෙම කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මීට අමතරව, අරුගම්බේ ප්‍රදේශයේ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් විශේෂ අතුරු වාර්තාවක් ලබාගැනීමටද තීරණය කර තිබේ.

එම වාර්තා සකස් කිරීමේදී දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබාගැනීමටද කමිටුව තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *