ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 70 දෙනෙක් සයුරට මුදා හැරීම අද සිදු කරන ලදි.
වඳවී යන කැස්බෑ සත්ව විශේෂය සංරක්ෂණය කොට සාගර පරිසර පදිධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම මූලික අරමුණ කර ගනිමින් වර්තමාන නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක් වන ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ සංරක්ෂණය කර ආරක්ෂිතව රැකබලාගත් කැස්බෑ බිත්තර තුළින් පිටතට පැමිණි කැස්බෑ පැටවුන් 70 ක් සාගරයට මුදා හැරීම ගිණිකොණ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නෙවිල්ලේ උභයසිරිගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදි.
තවද, සාගරික සම්පත් සුරැකීම ඉතාමත් වැදගත් කාර්යභාර්යක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව හදුනාගෙන ඇති අතර, ඉතා කාර්යක්ෂම ශ්‍රම බලකායකින් යුතු නාවික හමුදාව දිවයින වටා සමස්ථ වෙරළ තීරය ආවරණය වන පරිදි සාගරික සම්පත් සුරැකීම වෙනුවෙන් මහත් කාර්යභාර්යක් ඉටු කරමින් සිටි.
(ඡායාරූප ශ්‍රී ලංකා නාවික හමුදා වෙබ් අඩවියෙන්)