නාගොඩ රෝහලේ දරුවෙක් ප්‍රසූත කළ කතකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වේ

Share this Article

ඊයේ දිනයේ නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර එම කාන්තාව නිරෝධායනයට ලක් නොවී සැගව සිටි කාන්තාවක් බවත් ඇය රෝහලට ඇතුලත් කිරිමේදී සිය පදිංචිය ලෙස ලබාදී ඇත්තේ සිය මවගේ නිවසේ ලිපිනය බවටත් අනාවරණය වේ. එම කාන්තාව බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවටයි වාර්තා වන්නේ.

එම කාන්තාව ප්‍රසුත කර ඇති දරුවාට කොරෝනා වෛරසය වැලදී ඇත්දැයි තහවුරු කරගැනීමට පරීක්ෂණයක් සිදුකරන බවයි රෝහල් බලධාරින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 


Share this Article

Leave a Reply

Your email address will not be published.