ශ්‍රී ලංකාවේ නවීන, සුවපහසු සහ විශ්වාසදායක නාගරික ප්‍රවාහන සේවාවක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට නව පියවරක් එක් කරමින් MetroCoast රත්මලාන බස් ඩිපෝව අද නිල වශයෙන් විවෘත කර තිබේ.
Lanka Metro Transit වැඩසටහන යටතේ මෙම නව ඩිපෝව ස්ථාපිත කර ඇති අතර, වැඩිදියුණු කළ පහසුකම් සහ විශ්වාසදායක ප්‍රවාහන සේවා හරහා නාගරික ගමනාගමනය තවදුරටත් ශක්තිමත් කිරීම එහි අරමුණ වී තිබේ.
“නවීන, සුවපහසු සහ විශ්වාසදායක නාගරික ප්‍රවාහනයේ නව පරිච්ඡේදයක් ආරම්භ වේ” යනුවෙන් නව ඩිපෝව විවෘත කිරීම නිවේදනය කරමින් Lanka Metro Transit සඳහන් කර ඇත.


