මුල් වරට මෙරටින් හඳුනාගත් “හෑෂ්” නමැති මත්ද්‍රව්‍ය පැණි කිලෝවක් සමග සැකකරුවකු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය මගින් මහරගම ඇරැව්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ හැටකට අධික වටිනාකමින් යුත් මෙම මත්ද්‍රව්‍ය ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට එවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරු තිස්එක් හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි තීන්ත ව්‍යාපාරිකයෙකි.
විමර්ශන වලදී හෙළිවී ඇත්තේ තරුපහේ හෝටල් වල ඇති සමාජශාලාවලට මෙම සැකකරු මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කර ඇති බවයි.