කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක සහ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශ හැර සෙසු සියළු දිස්ති‍්‍රක්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (09) උදෑසන 06.00 ට ලිහිල් කෙරුණා.
එම දිස්ති‍්‍රක්කවලට අද සවස 04.00 සිට ඇඳිරි නීතිය යළි පනවනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එම දිස්ති‍්‍රක්කවලට එලෙස පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත කි‍්‍රයාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.