දිස්ත්‍රික්ක 6කට හා රත්නපුර පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ වලට හැර ඇදිරිනීතිය තාවකාලිකව ඉවතට

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක සහ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප‍්‍රදේශ හැර සෙසු සියළු දිස්ති‍්‍රක්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (09) උදෑසන 06.00 ට ලිහිල් කෙරුණා.

එම දිස්ති‍්‍රක්කවලට අද සවස 04.00 සිට ඇඳිරි නීතිය යළි පනවනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එම දිස්ති‍්‍රක්කවලට එලෙස පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත කි‍්‍රයාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *