Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

දිස්ත්‍රික්ක 5ක හැර සෙසු සියලු දිස්ත්‍රික්ක වල ඇදිරිනීතිය හෙට උදේ 6ට තාවකාලිකව ඉවතට

Barbed wire is seen laid on a deserted road during restrictions in Srinagar, August 5, 2019. REUTERS/Danish Ismail TPX IMAGES OF THE DAY - RC1714839070
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව වේ.

අනෙකුත් සියළුම දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය හෙට (30) උදෑසන 6.00ට ඉවත් කරන අතර දහවල් 2.00ට නැවත පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ. කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් වේ.

ඔබේ අදහස