දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 19 දා ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. ඒ මහතා පවසා සිටින්නේ බස්නාහිර පළාතේ සියලු පාසල් ඊයේ (15) දිනයේ විවෘත කිරීමට නොහැකිවූයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ අනුව බවයි. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ 05, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සහ දිවයිනේ අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණි සඳහා ද ඊයේ (15) පාසල් යළි විවෘත කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදීය.
මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අප්‍රේල් මස 19 වෙනි දින විවෘත කිරීමට තීරණය කර ඇති බවයි.