දින 7ක් එකම වේලාවක දී ජනතාවට ‍ආශිර්වාද කරන්නැයි රජය මහා සංඝරතනයෙන් ඉල්ලයි

Share this Article

ශ්‍රී ලංකාවේ සියලු විහාරස්ථානවල ගරුතර මහා සංඝරත්නය අප්‍රේල මස01 වැනිදා සිට අප්‍රේල් මස 07 වැනිදා දක්වා දින 07ක කාලයක් දිනපතා රාත්‍රී 07.00 සිට රාත්‍රී 08.00 දක්වා ජනතාවට ආශිර්වාදය පිණිස යොමුවන ලෙස රජය ඉල්ලීමක් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 01 වැනිදා සිට දින 07ක් දිනපතා රාත්‍රී 07.00ට සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාද කොට, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර, අනතුරු බුද්ධ වන්දනාව සිදු කර පසුව රත්න සුත්‍රය සහ ගිරිමානන්ද සුත්‍රය ඇතුලුව පිරිත් දේශනා කොට ප්‍රදේශවාසී පිංවතුන්ටත් රටවාසී හා ලෝකවාසී ජනතාවටත් නීරෝගී බව හා ජිවිත ආරක්ෂා වෙත්වා යන සත්ක්‍රියාවක් සිදු කරන ලෙස ද රජය‍‍ මහා සංඝරතනයෙන් ඉල්ලා සිටියි.

ඉහත දිනවල එකම වේලාවට ආරම්භ කර එකම වේලාවට අවසන් කර රාත්‍රී 7.55ට සත්ක්‍රියාව සිද්ධ කිරීම තුළින් එය විශාල අධ්‍යාත්මික බලයක් වී අප රටේ ජනතාවටත් ලෝකවාසීන්ටත් යහපතක් වන බව අපගේ විශ්වාස කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ගිහි ජනතාව ද රජය විසින් ලබාදෙන නිවේදන අකුරටම පිළිපදිමින් නීතිගරුකව සිය නිවෙස්වල සිට මේ උතුම් ක්‍රියාවට සම්බන්ධවන ලෙස රජය වැඩිදුරටත් සඳහන් කරයි.

 


Share this Article

Leave a Reply

Your email address will not be published.