කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ ව්‍යායාම, ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා පුහුණුවේ නිරත වන දහස් ගණනක් ජනතාව දෛනිකව මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් හඳුනා ගැනීමට කමිටුවක් පත් කර තිබේ.
ව්‍යායාම පුහුණුකරුවන් ඇතුළු එම පහසුකම් භාවිත කරන පිරිසක් කළ ඉල්ලීමකට අනුව, පසුගිය බ්‍රහස්පතින්දා (17) එම ස්ථානයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව අතරතුර එම ස්ථානයේ පවතින පහසුකම් සහ අඩුපාඩු පිළිබඳව ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කර තිබේ.
එහිදී එම ස්ථානයේ පවතින මූලික අඩුපාඩු විසඳීම මෙන්ම ව්‍යායාම, ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා පුහුණුව සඳහා විශාල පිරිසක් භාවිත කරන ප්‍රදේශයට වඩාත් යහපත් පහසුකම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කර ඇත.
හඳුනාගත් ගැටලු විසඳීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මූලික යෝජනා ද ලබාගෙන ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ වැඩිදියුණු කළ පහසුකම් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු කිරීමට නියමිතය.


