කොරෝනා

දිගු කාලීන ගැටළුවලට විසදුම විධිමත් සංවර්ධනයයි – ජනපති

දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බවත්, ඊට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළද රජය ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නුගේගොඩ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේ සැබෑ ජනතා ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමට වුවත්, ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැති පිරිසක් අද ඊට පහර ගසමින් සිටින බවයි.

කුමන බාධක සහ විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අඩපණ නොකරන බව පැවසූ ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ බොරු ප්‍රචාරවලින් ජනතාව මුලා කිරීමට ඉඩ දිය නොහැකි බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, වත්මන් රජය බලයට පැමිණ මාස 16 ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිළි ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකර ඇති බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ජනතාව තමාගෙන් ඉල්ලා සිටියේ එම වෙනස බවත් අවධාරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *