දික්ඔය ප්‍රදේශයට ගොස් සැගවී සිටි බ්‍රැන්ඩික්ස් සේවිකාවක් පොලිසිය විසින් සොයාගැනේ

සිය සැමියා සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලි පදනම මත ලබාගත් නිවසක රැදි සිටි බ්‍රැන්ඩික්ස් ඇගළුම් කාර්මාන්ත ශාලාවේ සේවය කරන කාන්තාවක් ඊයේ (08) දිනයේ අලුයම හැටන්, දික්ඔය පුලියාවත්ත හොන්සි වතුයායේ පහල කොටසේ තම නිවසට පැමිණ තිබේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතනය සහ යුධ හමුදා මුලස්ථානය විසින් නොර්වුඩ් පොලිසිය වෙත ඇය පිලිබදව තොරතුරු ලබා දිමත් සමග නොර්වුඩ් පොලිසියේ නිලධාරින් විසින් ඇයව හදුනාගෙන ඇත.

එසේ සැගවි සිටි මෙම සේවිකාව සහ ඇයගේ පවුලේ සමජිකයන් රන්ටැඹේ යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ යුධ හමුදා භට පිරිස් අද (09) දින කටයුතු කරනු ලැබුවා. ඒ අනුව එම සේවිකාව, ඇයගේ සැමියා, සේවිකාවගේ මව සහ පියා මෙන්ම අවුරුදු 10ක් වයසැති ඇයගේ දැරියද නිරෝධායනයට යොමුකර තිබේ.

එමෙන්ම එම සේවිකාවගේ නිවසට යාබදව පිහිටි වතු නිවාස 13 කට අයත් සමාජිකයන් 69 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ දින කටයුතු කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *