දැන් ඇවන්ගාඩ් නීති විරෝධියි කියන අය එදා හිතවතුන් බඳවා ගන්න කියා ලියුම් එවුවා – නිශ්ශංක සේනාධිපති

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව නීති විරෝධී බවට දිගින් දිගටම චෝදනා කළ පරාජිත රාජිත සේනාරත්න ඇතුළු එවකට යහපාලන ආණ්ඩුවේ මැති ඇමැති පිරිසක් ඔවුන්ගේ හිතවතුන් බඳවා ගන්නා ලෙසට ඉල්ලූ බව නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

2014 සැප්තැම්බර් 03 වැනිදා රාජිත සේනාරත්න මහතා ලිපියක් යොමු කරමින් ඔහුගේ හිතවතකු නැව් සේවාවට බඳවා ගන්නා ලෙසට ඉල්ලා සිටි බවත්, හිටපු යහපාලන රජයේ සභානානයක ලක්ෂ්මන් කිරිඇල්ල, යහපාලන රජයේ ඇමැතිවරුන් ලෙස සිටි සාගල රත්නායක, කබීර් හෂීම් ඇතුළු මැති ඇමැතිවරුන් 25ක් පමණ තම හිතවතුන්ට ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් ලිපි එවා ඇති බවත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

මේ සෑම අයෙක්ම ලිපි යොමු කරනු ලැබුයේ ඔවුන් විපක්ෂයේ සිටිය දී බවද කියා සිටි සේනාධිපති මහතා ඒ සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලෙකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි බවත්, “ඔවුන් සියලු දෙනා රණවිරුවන්. රට වෙනුවෙන් සේවය කළ අයයි. ඔවුන්ගේ පාට පක්ෂය බලන්න එපා රැකියා ලබා දෙන්න දේශපාලනයක් අවශ්‍ය නැහැ” යැයි ඒ මහතා තමන්ට දැනුම් දුන් බවත් සේනාධිපති මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව ඊයේ (08) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *