දකුණු කොරියාවේ සිට කටුනායක ගුවන් තොටුපළට අද (10) අලුයම පැමිණි ගුවන් යානයේ ගුවන් මගීන් පිරිසක් නීරෝධායනයට යොමුකිරීම සදහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යනු ලැබුවා.
එම යානයේ ශ්‍රී ලාංකික ගුවන් මගීහු 164 ක් හා කොරියානු ජාතික ගුවන් මගීහු 2 ක් ද වනවා. එම කර්තව්‍යට අදාළ සෞඛ්‍ය නිලධාරීහු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයා තිබූ බස් රථ 5 ක් මගින් ඔවුන් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන ගියහ.