තිස්සමහාරාම සංචාරක මගපෙන්වන්නාට කොවිඩ් හැදුණේ විවාහ මංගල උත්සවයකින්

හම්බන්තොට රෝහලට ඇතුළත් කරන ලද තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි සංචාරක මගපෙන්වන්නෙකු හට නව කොරෝනා වෛරසය ආසාධිත බවට ඊයේ හඳුනා ගනු ලැබුණු අතර ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ඔහු සහභාගිවූ විවාහ මංගල උත්සවයකදී බවට බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මෙම පුද්ගලයා සහභාගී වූ විවාහ මංගල උත්සවයට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ පිරිසක් පැමිණ ඇති බවට බුද්ධි අංශ විසින් සොයා ගෙන ඇති අතර ඒ හරහා මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී ඇති බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

නිරෝධායනයට ලක් කර සිටි මෙම පුද්ගලයා වෙනත් රෝග ලක්ෂණ කියමින් රෝහල් ගත වී ඇති අතර පසුව සිදුකරන පරීක්ෂණවල දී ඔහු කොරෝනා ආසාදිතයෙක් යයි හෙලි වී වී තිබුණා. යාල ජාතික වනෝද්‍යානය අසල හෝටලයක සංචාරක මගපෙන්වන්නකු ලෙස සේවය මොහු සේවය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *