තවත් චීන අමාත්‍යවරයෙක් ජුනි මාසයේදී මෙරටට පැමිණීමට නියමිතය

නිල රාජ්‍ය සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් ඊ මහතා ලබන ජුනි මස මෙරටට පැමිණීමට නියමිතය .

ඒ අනුව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජය නියෝජනය කරමින් මෙරටට පැමිණෙන තුන්වන රාජ්‍ය නියෝජිතයා ලෙස ඔහු සැලකේ.

චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ගේ මහතාගේ නිල රාජ්‍ය සංචාරයෙන් පසු චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ද මෙරට සංචාරයක නිරතවීම විශේෂත්වයක් වේ.

එම සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් ඊ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමටත් රජයේ තවත් ඉහළ පෙළේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *