කොවිඩ් කාර්යසාධක බළකාය මේ දක්වා අධ්‍යාපන ක්ෂේත්රයේ කඩාවැටීම සම්බන්ධයෙන් අවධානයක් යොමුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රට තුළ ඇති අවශ්‍යතාවල ප්‍රමුඛතා ආණ්ඩුව හඳුනාගෙන නොමැති බවය.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මේ ප්‍රශ්නයට ආණ්ඩුවේ තියෙන ප්‍රමුඛතාව දැන් අපිට පේනවා. ජිම් 500ක් හදන්න තියෙන උනන්දුව මේ ප්‍රශ්නයට නෑ. අනවශ්‍ය දේවල්වලට මුදල් වියදම් කරනවා. ගුරුවරුන්ගේ අරගලයෙදි ආණ්ඩුවට මුදල් නෑ. අධ්‍යාපන පද්ධතිය බරපතළ අර්බුදයක තියෙන්නේ.”
මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා සිදුකරනු ලබන වර්ජනයට හෙටට දින 50ක් ගතවන බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය පවසයි.
එහි සභාපති පරාක්‍රම වීරසිංහ මහතා සඳහන් කළේ, හෙට දින රජයෙන් සාධනීය පිළිතුරක් බලාපොරොත්තු වන බවය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සංවේදීව කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.