පෙරේදා (23) පැවැත්වූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (25) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබේ. මේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඊයේ පාර්ලිමේන්තුවේදී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසා සිටියේ යහපාලන කාලයේ කිසිම අවස්ථාවක ජිනීවාවල ශ්‍රී ලංකාව පරාජයට පත් නොවූ බවත්, මෙවර ශ්‍රී ලංකාව පරාජයට පත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රකාශයක් සිදු කරන්නේද යන්නයි. ඊට පිළිතුරු වශයෙන් විදේශ අමාත්‍යවරයා දන්වා සිටියේ අද දිනයේ ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි.
දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වා අත්සන් කර පසුගිය කාලයේ රට විදේශ බලවේග හමුවේ බැඳ තැබුවේ පැවැති යහපාලන රජය බවයි.