ජා-ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශවලට හෙට (20) උදේ 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කරන පරිදි කැලණි ගඟ දකුණු ඉවුරේ ජල ව්‍යාපෘතියේ නළ පද්ධතියේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව ජා-ඇල, ඒකල, කඳාන, ආනියකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවළපිටිය, මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිය, දික්ඕවිට, උස්වැටිකෙයියාව, පමුණුගම සහ බෝපිටිය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය