ජාතික ලැයිස්තු නම් භාරගැනීම අදින් අවසන් – අපේ ජනබල පක්ෂයේ හා එජාපයේ ලැයිස්තු තවමත් නෑ

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රිවරුන්ගේ නම් ලැයිස්තු ඉදිරිපත් කිරීම සඳහා දේශපාලන පක්ෂ වලට අද මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය ලබාදී තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු කච්චි සහ අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර අවසන් වුවත්, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂය මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා කිසිවෙකුගේ නමක් යෝජනා කර නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *