චීනයේ ජාතික ඖෂධ නිෂ්පාදන සමාගම හෙවත් “සයිනො ෆාමා” විසින් නිෂ්පාදිත කොරෝනා වෛරස මැඩලීමේ එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් ශ්‍රි ලංකාවට ප්‍රදානය කරන බව චීන තානාපති කාර්යාලය විසින් අද (27) නිවේදනය කර තිබේ.
79%-86 % ත් අතර ශක්‍යතාවයක් පෙන්නුම් කරනු ලබන මෙම එන්නත ලබන මස මැද භාගයේ දී ශ්‍රි ලංකාවට ලබා දීමට නියමිතව තිබේ. පවතින ඉල්ලුම හමුවේ නිෂ්පාදනය සීමා වූවද එන්නත් තුන් ලක්ෂයක ප්‍රමාණය මෙරටට ලබා දෙන බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
සයිනො ෆාමා කොවිඩ් එන්නත එකසත් අරාබි එමීර් රාජ්‍යය, සයිබීරියාව, ඊජිප්තුව, බහරේන්, ජෝර්දානය, ඉරාකය, පාකිස්ථානය, චීනය ඇතුළු රටවල් රැසක භාවිතා කිරිමට අවසරය හිමිවී ඇත.