රට තුළ ගෑස් හිඟයක් නොමැති බැවින් ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පවසා සිටියා. ඒ අරලියගහ මන්දිරයේදී රටේ ආර්ථික තත්ත්වය සහ වෙළෙඳපොළ සම්බන්ධයෙන් පැවැති සමාලෝචන රැස්වීමකට එක් වෙමින්.
මේ අතර සහල්, පොල්, කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, ලොකු ළූණු, රතු ළූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා රේගුව භාරයේ ඇති සහල් මෙට්‍රික්ටොන් 3,000කට ආසන්න ප්‍රමාණයක් සතොස හරහා ජනතාවට බෙදාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දී ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික්ටොන් 25,000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයින්ගෙන් මිලදී ගැනීමටද මෙහිදි අවධානය යොමුවූ බවයි.