අයිස් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 4 ක් සහ අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාව මීගමුවට නුදුරු මුහුදේදී ඊයේ (04) උදෑසන අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, මීගමුව කොට්ඨාස අපරාධ අංශය සහ නාවික හමුදාව සමත් වී තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කොටි 60 කට අධික වේ.
පාකිස්තානයේ සිට නෞකාවකින් මීගමුවට නුදුරු ගැඹුරු මුහුදට ගෙනවිත් ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය එතැන් සිට වෙනත් ට්‍රෝලර් යාත්‍රාවකට පටවාගෙන මීගමුවට රැගෙන එද්දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට පත්වූ සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇත්තේ මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන වත්තල රංජු නමැති අයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සහ මීගමුව කොට්ඨාස අපරාධ අංශය වෙත මීට මාසයකට පමණ පෙර ලැබුණු තොරතුරක් ඔස්සේ සිදු කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාරදී ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්යක්ෂ සමන්ත විජේසේකර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.