ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ගෙවා පුද්ගලයෙක් හිරෙන් නිදහස් වෙයි

වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටි 2035 වසරේ නිදහස් වීමට සිටි ජේ.එම්. ප්‍රියන්ත ජයමහ නමැති සිරකරුවෙකු වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙකුට ඊසිකෑෂ් ක්‍රමයට මුදල් දබා දී නිදහස ලබා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

එලෙස නිදහස ලබාගත් මෙම සැකකරු වාරියපොළ හිනිපෙන්දේගම ප්‍රදේශයේදී පෙරේදා (03) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ දහයක මුදලක් ඊෂිකෑෂ් ක්‍රමයට වැලිකඩ බන්ධනාගාර ජේලර්වරයකුට ලබාදී මෙලෙස නිදහස ලබාගත් බවටයි.

දිවයිනෙහි ලියාපදිංචි අපරාධකරුවකු වන මොහු ඔහු 2035 වසරෙහි නිදහස්වීමට නියමිතව තිබී ඇති අතර මෙම සිරකරු කූට ලේඛන සෑදීමේ චෝදනාවන්ට බන්ධනාගාර ගත කළ අයෙකි.

මෙම සැකකරු ඉකුත් දෙසැම්බර් 25 වැනි දින බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ ඇති අතර, දින දාහතරක් ස්වයං නිරෝධානයට ලක්වී සිටින අවස්ථාවේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

චෝදනාවට ලක්වන නිලධාරියා ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *