පෞද්ගලික බස් රථ වර්ජනය සම්බන්ධයෙන් අනෙකුත් පෞද්ගලික බස් රථ සංගම් සමග අද (15) දිනයේ යළිත් සාකච්ඡුා කර තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඒ මහතා පවසන්නේ ගැටලූ කීපයකට රජය සහන ලබාදී ඇති මුත් තවත් ගැටලූ කීපයක් නිරාකරණය කර දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත් එම ගැටලු වලට තවමත් විසඳුම් ලැබී නොමැති බවයි ඔහු පවසන්නේ.
නාරාහේන්පිට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පෞද්ගලික බස් රථ සඳහා ණය ආධාර මුදල් ලබාදීමේ වැඩසටහනක් අද දිනයේදී පැවැත්වෙන් බවත්, පෞද්ගලික බස් කර්මාන්තයේ නිරත සියලූම බස් රථ හිමියන් එහිදී එක් රැස් වී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.