ඊයේ (12) දිනයේදී වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් එම සංඛ්‍යාව 278ක් බවත් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 23ක්, මිගමුවෙන් 16ක්, ගම්පහින් 16ක්, මීරිගමින් 15ක්, බුලුගහගොඩින් 12ක්, ජා-ඇලින් 12ක්, වත්තලින් 12ක්, බියගමින් 11ක්, මහරින් 11ක්, වේරහැරින් 11ක් බැගින්ද ආසාදිතයින් වාර්තා වී ඇත.
මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 261ක් දෙනෙකු වාර්තා වී ඇති අතර කොළඹ කොටුව / කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් සහ මහරගම යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 12 දෙනා බැගින් වාර්තා වී ඇත. එමෙන්ම මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 11ක්, පන්නිපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 10 දෙනෙකු ලෙස ද ආසාදිතයින් වාර්තා වී ඇත.
මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 79ක්, මහනුවර 88ක්, කුරුණෑගල 51ක්, ගාල්ල 47ක්, රත්නපුර 29ක්, අම්පාර 03ක්, මාතර 25ක්, කෑගල්ල 10ක්, බදුල්ල 05ක්, මාතලේ 18ක්, පුත්තලම 04ක්, නුවරඑළිය 01ක්,අනුරාධපුර 05, හම්බන්තොට 05, පොළොන්නරුව 07, වව්නියාව 03, යාපනය 14, මොණරාගල 02, කිලිනොච්චිය 01ක් වශයෙන්ද කොවිඩ් ආසාධිතයින් වාර්තා වී තිබේ. තවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වූ බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,056ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 66,984ක් වනවා. අද වන විට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,688ක්.
මෙරට කොවිඩ් -19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 05ක් සමගයි.