වැලිකඩ හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ආරක්ෂාව STF යටතට

වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාව යටතට
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ අනුව රැඳවූවන් බැලීමට පැමිණෙන අය පරික්ෂා කිරීමටත්, රැඳවූවන්ට ලබා දීමට ගෙන එන පාර්සල් පරික්ෂා කිරීමට හා බන්ධනාගාර පරිශ්‍රය ආශ්‍රිතව ආරක්ෂාවටද පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගැනීමට අවධානය යොමුව ඇතැයිද ඔහු සඳහන් කළා.

මේ අතර මීගමුව, බූස්ස හා කොළඹ බන්ධනාගාර තුළ සිටින තවත් දූෂිත නිලධාරීන් කණ්ඩායමක් පිළිබඳවද තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිඹඳව
විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව ස්ථාන මාරු කිරීම් හෝ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *