කොවිඩ් 19 සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් අරමුදලක්

ඉදිරි මැතිවරණය සදහා තරග වැදීමට සිටින සමගි ජනබලවේගයේ අපේක්ෂකයින් විසින් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් පිහටුවා ඇති බවටත් එම අරමුදල අද (04) දිනයේදී ආරම්භ කරන බවත් සමගි ජන බලවේගය සදහන් කරයි. කොරෝනා වසංගත තත්තවය හේතුකොටගෙන සෞඛ්‍යමය වශයෙන් අත්‍යාවශ්‍ය වන ද්‍රව්‍ය වල හිගකමක් මතුව ඇති බවට ඔවුන්ට වාර්තා වී ඇති බැවින් කොරෝනා උවදුර තුරන් කිරීම උදෙසා ක්‍රියාවෙන්ම මැදිහත් වීමට සමගි ජනබලවේගය තීරණය කළ බව ඔවුන් පවසයි.

ඒ අනුව සමගි ජනබලවේගයේ සියලුම අපේක්ෂකයින්ගේ මැදිහත්වීමෙන් සිය මැතිවරණ අරමුදල උපයෝගී කරගෙන කොරෝනා මර්ධන ව්‍යාපෘතියට දායක වීමට තීරණය කර සිටින බවත්, බොහෝ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයද මීට ලබා දෙන බවට දැනටමත් දැනුම්දී තිබෙන බවත්, අදාළ අරමුදල සම්පූර්ණයෙන්ම යොදවනු ලබන්නේ කොරෝනා මර්ධනය උදෙසා වන සෞඛ්‍ය අවශ්‍යතා සදහා පමණක් බවත් වැඩිදුරටත් පවසා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *