කොවිඩ් තුන්වන රැල්ලේ ආරම්භය ලෙස සැලකෙන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 5,000 සේ සීමාව ඉක්මවා ඇත.
ඒ ඊයේ දිනයේ දෛනික කොවිඩ් ආසාදිතයින් 122ක් හඳුනාගැනීමත් සමගය.
එම දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,079කි.
මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් ඊයේ දිනයේ වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 529කි.
කළුතර දිස්ත්‍රික්කයෙන් දෛනික ආසාදිතයින් 264 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 232ක් හඳුනාගෙන තිබේ.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ,බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ දෛනික ආසාදිතයින් 1,025 දෙනෙකු හඳුනාගැනීමත් සමග බස්නාහිර පළාතෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,756ක් බවයි.
මීට අමතරව ගාල්ලෙන් ආසාදිතයින් 154ක්, නුවරඑළියෙන් ආසාදිතයින් 104ක්, මාතරින් 81ක්, රත්නපුරයෙන් 82ක්, අනුරාධපුරයෙන් 69ක්, පොළොන්නරුවෙන් 66ක්, මහනුවරින් 58ක්, මාතලෙන් 50ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
යාපනය, කෑගල්ල, පුත්තලම, ත්‍රිකුණාමලය, මොනරාගල, අම්පාර, වව්නියාව, මඩකලපුව, හම්බන්තොට, මුලතිව්, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලින් ද ඊයේ දිනයේ ආසාදිතයින් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.