කොවිඩ් -19 වෛරසය ආසියාව පුරා පැතිරයාමත් සමග කලාපයේ බලපෑමට ලක්වූ රටවල් 10ක් සදහා අවශ්‍ය සහය ලබා දීමට ජැක් මා පදනම සහ අලිබබා පදනම කටයුතු කරමින් සිටී.
ඒ අනුව තම සංවිධානය මගින් ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මාලදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල් වෙත මුඛ ආවරණ මිලියන 1.8 ක්, පරීක්ෂණ කට්ටල 210,000 ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල 36,000 ක් සහ තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක්ද පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බවට ඔවුන් පවසා සිටී.
එමෙන්ම අලිබබා පදනම මෙම සතිය මුලදී මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ පිලිපීනය වෙත වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමටද කටයුතු කරන ලදී.