කොවිඩ් මර්දනයට ලැබුණු මුදල් පිළිබඳ සියලු තොරතුරු නව පාර්ලිමේන්තුවට

කොරෝනා මර්දනය සදහා ලැබුණු සියලූ ආධාර මුදල් පිළිබඳ තොරතුරු, ඉදිරියේදී නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජය සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, රජය වෙත ලෝක බැංකුවෙන් ලබා දුන් ඩොලර් මිලියන 230 ක මුදල වැය කළ ආකාරය සම්බන්ධයෙන් රජය තොරතුරු හෙළි කළ යුතු බවට ඊයේ (07) සිදු කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ නම් යහපාලන සමයේ ණය සඟවා ඇති බවට අනාවරණය වෙන කාරණාවට ප්‍රථමයෙන් පිළිතුරු දිය යුතුව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *