කොවිඩ් මරණයක් ගෙන යන රථයකට ආරක්ෂාව සැපයීමට ගිය රථයක් පෙරලීමෙන් පොලිස් නිළධාරියෙකු මරුට

හැටන් සිට ඔට්ටමාවඩි දක්වා කොවිඩ් දේහයක් ප්‍රවාහනය කළ රථයකට ආරක්ෂාව සපයමින් ගමන් කළ වෑන් රථයක් අද උදෑසන අනතුරකට ලක්ව පෙරළී ගොස් තිබේ.

අදාළ රථයේ හැටන් පොලීසියේ නිලධාරීන් 4 දෙනෙක්, තවත් පිටස්තර පුද්ගලයින් දෙදෙනෙක් සහ රියදුරා සිට ඇත.

එම වෑන් රථය හැටන් සහ ගිනිගත්හේන අතර මාර්ගයේ 59වන කිලෝමීටර් කණුව අසලදී අනතුරකට ලක්ව තිබේ.

අනතුරෙන් වෑන් රථයේ සිටි උප පොලිස් පරීක්ෂක බෙනට් කුමාරසිංහ මහතා මියගොස් ඇත.

තුවාල ලැබූ අනෙක් පිරිස වටවල රෝහලට ඇතුළත් කෙරුණි.

අනතුර සිදුවී ඇත්තේ අද උදෑසන 7ට පමණය.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මියගිය 79 හැවිරිදි කාන්තාවකගේ දේහයක් එලෙස අද (05) හැටන් සිට ඔට්ටමාවඩි ප්‍රදේශය වෙත රැගෙන යෑම සිදුකර තිබුණි.

අනතුරට ලක්වූයේ එම රථයට ආරක්ෂාව සපයමින් ඊට පිටුපසින් ගමන් කළ වෑන් රථයයි.

කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ දේහය සහිත රථය ගිනිගත්හේන පොලීසියේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පිටත්කර යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *