කොවිඩ් නිසා ජාතික රෝහලේ වාට්ටු 02ක් සහ ශල්‍යාගාරයක් වසා දැමේ

කොළඹ ජාතික රෝහලේ සේවය කරන සුළු සේවකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටී. ඒ අනුව මෙම සේවකයින් ගැවසුණු වාට්ටු සංකීර්ණ දෙකක් හා ශල්‍යාගාරයක් මේ වන විට වසා දමා ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. එමෙන්ම එම වාට්ටු සහ ශල්‍යාගාරයේ සේවයේ යෙදුනු සියලුම සෞඛ්‍ය අංශ සේවකයින්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *