මෙරටදී හඳුනා ගනු ලැබූ, බ්‍රිතාන්‍යය පුරා පැතිර යන නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ බවට වාර්තා වී ඇත්තේ සයිප්‍රසය, ජෝර්දානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කෙසේ සිදුවිය යුතුද යන්න පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති තාක්ෂණික කමිටුව සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පත් කර ඇති ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට සම්බන්ධ විශේෂඥ තාක්ෂණික කමිටුව සමග කරුණු සොයා බලා ජනාධිපතිතුමා සමඟ සාකච්ජා කොට තීරණයක් ගන්නා බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.
මේ වන විට මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු මෙරටින් සොයා ගෙන ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයේදී එ් පිළිඹද තහවුරු කරගැනීමට හැකිවූ බවත් යුධ හමුදා පතිවරයා වැඩි දුටරටත් පවසා සිටියේය. .