කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට ඉඩ දීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති තීරණයට ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි එලේනා බී. ටි‍්‍රප්ලිට්ස් මහත්මිය ප‍්‍රසාදය පළ කර තිබේ. මෙම තීරණය ශ‍්‍රී ලංකාවේ ජාතීන් අතර සමගියට සහ සහජීවනයට ඉතා වැදගත් වනු ඇති බව ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියි.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඊයේ (10) දිනයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරක් දෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ කොවිඩ්-19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන බවයි.