කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම අප්‍රේල් 10 වැනිදායින් පසුව ආරම්භ කෙරේ

කොවිඩ් මර්දන වැඩපිළිවෙල යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත ලබාගත් අයගේ දෙවැනි මාත‍්‍රා එන්නත්කරණය අපේ‍්‍රල් මස 10 වැනිදායින් පසුව ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අමාත්‍යවරයා පවසා සිටින්නේ ලංකාවට ලැබී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මාත‍්‍රා දොළොස් ලක්ෂ හැටහතරදාහක ප්‍රමාණයෙන් මේ දක්වා එන්නත් කර ඇත්තේ මාත්‍රා අටලක්ෂ පනස්හය දහසක් පමණක් බවයි. ඒ අනුව තව එන්නත් මාත‍්‍රා ලක්ෂ 4ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති බවත්, දෙවැනි මාත්‍රාව ලබා දීම අපේ‍්‍රල් 10 වැනිදායින් පසු ආරම්භ කර මැයි මස අන්තිම දක්වා ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.

“අන්තර්ජාතික මාධ්‍ය ගණනාවක් වාර්තා කරලා තියෙනවා ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත ඉන්දියාවෙන් පිටතට අපනයනය කිරීම නවත්වන බවට. හැබැයි ඉන්දියාව නිල වශයෙන් ශ‍්‍රී ලංකාවට එහෙම දැනුම්දීමක් කරලා නැහැ. ඉන්දියාවත් සමග රාජ්‍ය තාන්ත‍්‍රික ලෙස සාකච්ඡුා කරමින් යනවා තවත් මාත‍්‍රා ලක්ෂ 5 ක් ශ‍්‍රී ලංකාවට ලබාගන්න. ඒනිසා කිසිසේත්ම මේ වන විට එන්නත් ලබා ගෙන ඇති අයට දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීමට ප‍්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *