කොවිඩ් ආසාදිතව සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අද (16) පෙරවරුවේ කොළඹ අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ. පසුගිය 28 වැනිදා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ අමාත්‍යවරිය දින 20ක කාලයක් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය.
ජනවාරි මස 23 වැනිදා සිදුකළ පරීක්ෂණයකින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර අනතුරුව ඇය හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුලත් කරන ලදී. ඉන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා රත්මලාන ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලටත්, අයි.ඩී.එච්. රෝහලටත් මාරු කර යැවීය