පසුගිය 7 වැනිදා කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ, කොවිඩ් වෛරසය වැලඳුණු පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සම්පූර්ණ සුවය ලබා ඊයේ සිය (20) නිවෙසට ගොස් තිබේ.
ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව තවත් දින 14ක කාලයක් නිවසේ නිරෝධායනයට ලක් වන බව ඒ මහතා පවසා සිටියි. එමෙන්ම නිරෝධායන කාලයෙන් පසු තවත් සතියක පමණ කාලයකින් අනතුරුව තම සුපුරුදු රාජකාරි කටයුතු ආරම්භ කරන බව ද ඒ මහතා පැවැසීය. කොරෝනා මර්දනය කිරිමට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් රාජ්‍ය ඇමැතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.