කොවිඩ් අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් වල එන්නත්කරණ කටයුතු හෙට (26) දිනයේ සිට ආරම්භ කරන බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියි.
රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටින්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ කොරෝනා එන්නත් ලක්ෂ 5ක්ද අද (25) ලැබීමට නියමිත බවයි.
පසුගිය ජනවාරි 28 වැනි දා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට පුද්ගලයින් 360,000 දෙනෙකුට ලබා දී අවසන් බවත්, එම තොගයෙන් තවත් ඉතිරිව ඇත්තේ එන්නත් 116,907 ක් පමණක් බවත් අමාත්‍යවරිය පවසා සිටියාය.