කොරෝනා හමුවේ ඉන්දියාව දැඩි අවදානමක

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාධිතයින් 64,142ක් වාර්තා වී තිබේ. ඒ ඊයේ දිනයේ වාර්තා වූ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි. එමෙන්ම ඉන්දියාව තුළ ඊයේ (13) දිනයේ තහවුරු වු මරණ සංඛ්‍යාව 1,006ක්.

වෛද්‍යවරුන් අනතුරු අඟවනවමින් පවසා සිටින්නේ වසංගතය මර්දනයට විධිමත් පියවර නොගත හොත් තවත් මාස ගණනක් පුරා ඉන්දියාවෙන් ඉහළ කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවටයි. ඇමෙරිකාව, බ්‍රසීලය, මෙක්සිකෝව වැඩිම මරණ සංඛ්‍යාව සිදුවූ රටවල් ලෙසට වාර්තා වන අතර ඉන් පසු සිව් වන ස්ථානය ලෙසට වාර්තා වන්නේ ඉන්දියාවයි. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 48,144ක් වන අතර සමස්ථ රෝගීන් සංඛ්‍යාව විසි හතර ලක්ෂ හැට දහසට ආසන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *