කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් අද සවස් වරුවේ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 104ක්.
මේ අතර කොරෝනා වෛරසය වැළදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. ඒ අනුව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 07 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.