කොරෝනා

කොරෝනා වෛරසයට බියෙන් පුද්ගලයෙකු දියණිය සමඟ බෝට්ටුවකින් දිවයිනට

ඉන්දියාවේ පවතින දැඩි කොරෝනා වෛරසයේ  අවදානම් තත්ත්වය හේතුවෙන් එරට සිට පුද්ගලයෙකු සිය දියණිය  සමඟ බෝට්ටුවකින් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මෙරටට ඇතුලු වී ඇති 33 හැවිරිදි පියා සහ 8 හැවිරිදි දියණිය පොලීසියට භාරවී ඇති බව වාර්ථා වන අතර මෙම පුද්ගලයා මන්නාරමේ පදිංචිකරුවෙකු වුව ද, 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී සිය බිරිද හා දියණියන් දෙදෙනා ද සමඟ දිවි ගෙවා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මොවුන් රැගෙන ඒමට බෝට්ටුවේ ගිය අදාළ පුද්ගලයාගේ පියා ද පූනානිහි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *