කොරෝනා

කොරෝනා උවදුර හමුවේ එජාපයේ දෙපිල දේශපාලන වාසි ලබාගන්නවා – අගමැති

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට, දරුණු වසංගතයක් මධ්‍යයේ රට අකර්මණ්‍ය කිරීමට ගන්නා උත්සාහය හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටිනවා.

එහි දැක්වෙන්නේ “කොරෝනා වෛරසය ලංකාවේ තවදුරටත් පැතිරීම වැලැක්වීමට මුලු රට පුරාම ඇඳිරිනීතිය පැනවූ දිනයේම, එනම් 2020 මාර්තු 20 වන සිකුරාදා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමන් නායකත්වය දුන් පසුගිය ආන්ඩුව 2020 වසර වෙනුවෙන් අයවැයක් සම්මත නොකොට 2020 අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බලපවත්වන අතුරු සම්මත ගිණුමක් සම්මත කොට තිබීම හේතුවෙන් අප්‍රේල් 30 වනදායින් පසු, මොනම දෙයකටවත් මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට නෛයිතික බලයක් නැතිවෙන බවයි.” යනුවෙනි.

අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ අවස්ථාවාදී පාර්ශව රටට එරෙහිව දියත් කරන කුමන්ත්‍රණ හමුවේ වුවත්, ජනතාව කොරෝනා වෛරස් උවදුරෙන් ගලවා ගැනීමට තම ජීවිතත් පරදුවට තබා දිවා රෑ නොබලා වෙහෙසෙන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වලටත්, ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ටත්, අත්‍යාවශ්‍ය සේවා සපයන සෙසු පිරිසටත් තමන් මේ අවස්ථාවේදී සිය ප්‍රණාමය පුද කර සිටින බවයි.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *