වේරහැර ප්‍රදේශයේ පිහිටි කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ රෝහලේ සේවය කරන දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර එම සේවකයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා අංගොඩ IDH රෝහල වෙත යොමු කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනා සමග එම රෝහලේ ගැවසුණු සියලූදෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. මේ වනවිට මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 ක් වේ.