ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරු අභියාචනයක් දියත් කරයි.

මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ඉල්ලා සිටින ආයාචනයට සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ එක්ව සිටිති.

මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (HNP) ඒකාබද්ධ සැලැස්මක් දියත් කළ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ ක්‍රිකට් ක්‍රීඩකයින් අද අත්වැල් බැඳගෙන ඇත.

ජූනි සිට සැප්තැම්බර් දක්වා මාස හතරක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා මානුෂීය ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 47.2ක් මෙම වැඩසටහන මගින් ඉල්ලා සිටී.

වීඩියෝ පණිවුඩයක් මගින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ස්ටීව් ස්මිත් සහ මිචෙල් ස්ටාක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව දැනුවත් කරමින් පණිවිඩ නිකුත් කර තිබේ.

ආධාර කිරීමට කැමති අයට පහත සබැඳිය හරහා පරිත්‍යාග කිරීමෙන් එසේ කළ හැකිය.

https://srilanka.embassy.gov.au/clmb/ResponseSupportforSriLankaEconomicCrisis.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *