එළඹ ඇති පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ගාස්තු රහිතව ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ e තක්සලාවට ප්‍රවේශ වීමේ අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව සියලු අන්තර්ජාල සේවා සම්පාදනය කරන දුරකථන සමාගම්වල එකඟත්වය මත මෙම පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108) ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23 සිට අවස්ථාව සැලසෙන බවයි දැනුම් දෙන්නේ.
ඉ-තක්සලාව වෙත පිවිසෙන සියලු පාසල් දරුවන්ට විෂය ක්‍රියාකාරකම්, ප්‍රශ්න පත්‍ර සහ පෙළපොත් ආශ්රිත අභ්‍යාස ඇතුළු ඉගෙනුම් ක්‍රියාවලියට අත්වැලක් වන පාඩම් මාලා රැසක් සමග එක්වීමට අවස්ථාව දී තිබෙනවා. 1 සිට 5 ශ්‍රේණි දක්වා සිසුන් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ විද්‍යුත් අන්තර්ගතයන්ද, 10 -11 ශ්‍රේණි සඳහා වීඩියෝ පාඩම් ද 1-13 ශ්‍රේණි සඳහා විභාග ප්‍රශ්න පත්‍ර, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගයට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර, 1 සිට 13 ශ්‍රේණිය දක්වා විෂයානුබද්ධව සකස් කළ විනෝදාත්මක වැඩසටහන්, e පුස්තකාල, ශබ්දකෝෂ, සහ තවත් කියවීම් ද්‍රව්‍ය රැසකින් සමන්විත බවයි දැනුම් දෙන්නෙ.
මෙරට කොරෝනා වෛරසය ආසාදිත දෙවැනි රෝගියා හඳුනාගත් අවස්ථාවේදීම රටේ දරුවන්ගේ නිසි ආරක්ෂාව උදෙසා පාසල් නිවාඩුව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් ගත් තිරණය අර්ථවත් වන්නේ මෙම නිවාඩු සමය තුළ දරුවන් ඉගෙනීම සඳහා නැඹුරු කරවීමෙන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.