එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සදහන් කරන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවත්, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය යටතේ තමා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවත්ය.
2020-03-18